Popular Post

Thursday, September 13, 2012


අද කියන්න යන්නෙ කොහොමද  ජන්ගම දුරකතනයක තියෙන ඕනෙම folder එකක් software එකක් නැතුවම hide කරන්නෙ කොහොමද කියලයි. මෙක කරන්න නම් ෆෝන් එකේ අනිවාර්යෙන්ම java පහසුකම තියෙන්න ඕනෙ වෙනව.




හැබැයි ඉතින්  ඉතින් සමහරක් චීනයෙ නිශ්පාදිත දුරකතනවල ඇරෙන්න හැම nokia, sony ericcson, Samsung, Motorola වගෙ ඕනෙම දුරකතනයක මේ ජාවා පහසුකම තියෙන හින්ද දුරකතන භාවිත කරන ඔයාල හැමෝටම මේ ක්රමය භාවිත කරන්න පුලුවන්.
දැන් බලමු මේ වඩේ කරන්නෙ කොහොමද කියල පියවර විදිහට.
1.      මුලින්ම කරන්න ඕනෙ ඔයලට hide කරන්න ඕනෙ ෆෝල්ඩර් එක තෝරගෙන ඒකෙ නම අගට .jad කියල දාල rename කරගන්න. (උදා: ඔයාලට ෆෝන් එකේ තියෙන Images කියන folder එක hide කරගන්න ඕනෙනම් ඒක Images.jad කියල rename කරගන්න.)
2.      ඊලගට කරන්න ඕනෙ hide කරගන්න ඕනෙ folder එක නමින් තව folder 1ක් හදාගෙන ඒක නම අගට .jar කියල දාල rename කරන එකයි. (උදා: දැන් කරන්න තියෙන්නෙ අලුත් ෆෝල්ඩෙර් 1ක් හදාගෙන ඒක Images.jar කියල rename කරන එකයි.
3.      දැන් බලන්නකෝ අර කලින් අපි Images.jad කියල නම් කරපු ෆෝල්ඩර් එක පේන්න තියෙනවද කියල. නෑ නේද ? අපි හදපු අලුත් ෆෝල්ඩර් එක නිසා කලින් තිබ්බ ෆොල්ඩර් එක hide වෙලයි දැන් තියෙන්නෙ.
4.      දැන් අර hide වෙලා තියෙන ෆෝල්ඩර් එක ආයෙ පේන විදිහට හදාගන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ අර අපි පස්සෙ හදපු ෆොල්ඩෙර් එක delete කරන එක හරි වෙනත් නමකට rename කරන එක හරි. එතකොට අර කලින් අපි Images.jad කියන ෆෝල්ඩර් එක අයෙමත් පෙනෙන්න තියේවි.

කරල  බලන්නකෝ වැඩේ හරි යනව නේද . ඔන්න එහෙනම් අපි ගියා.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -